ඌව පළාත් සභා මැතිවරණය මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.
මෙම කමිටුව නායකත්ව මණ්ඩලය නියෝජනය කරනු සාමාජිකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජීත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සමන්විතය.
ඌව පළාතේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සහ ප්රචාරක කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම සහ අවසන් තීන්දු තීරණ ගැනීම මෙම කමිටුව සතු කර තිබේ.
මේ අනුව 'දුප්පත්කම ඌව පළාතෙන් තුරන් කරමු' තේමාව යටතේ මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට සැලසුම්කර තිබෙන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රචාරණ කටයුතු මේ මස 16 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.