හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව දැනට පදිංචිව සිටින ඉඩම් කිසිසේත්ම පවරා නොගන්නා බව ධීවර සහ ජලජ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.
හිස්ව තියෙන මුඩු ඉඩම්වල පමණක් කර්මාන්ත පුරය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් චීනයට ලබානොදෙන බවද අමාත්‍යවරයා කීය.