හිටපු නියෝජ අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපති විනාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.
කරුණාගේ නායකත්වයේ ආරම්භ වූ මෙම පක්ෂය දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ලෙස නම් කර ඇති අතර එහිදී නැගෙනහිර පළාත ප්රමුඛ කර ගනිමින් දේශපාලන කටයුතු සිදුකිරීමට නියමිතය.
නව පක්ෂයට මඩකලපුවේ ඇති දෙමළ පක්ෂ කිහිපයක්ද සහාය දක්වා ඇති බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කරුණා අම්මාන් මහතා පැවැසීය.
පක්ෂ ලියාපදිංචිය ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
ජවුෆර් කාන්