කම්කරුවන් 1660කගේ සේවය ස්ථිර කිරීමට අධ්‍යාපන ඇමතිගෙන් පියවර
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවන් ලෙස සේවය කල 1660කුගේ සේවය ස්ථිර කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම සේවකයන් අතරින් බොහෝ දෙනෙක් පසුගිය රජය සමයේ පිහිටුවාගෙන තිබු මිනිස් ශ්‍රම තැරව්කාර ආයතනයක් (මෑන් පවර්) හරහා සේවයට සම්බන්ධ වූවන්ය.
අදාල සේවකයන් වෙත ගෙවන ලද කම්කරු වැටුපෙන් එක් අයෙකුගෙන් රු.500ක පමණ මුදලක් මෙම තැරව්කාර ආයතනය විසින් අසාධාරණ ලෙස ලබා ගනිමින් කම්කරුවන්ගේ ශ්‍රමය සුරා කෑමට ලක්වූ බවට ලැබුණු පැමිණිලි අනුව අමාත්‍යවරයාගේ ඍජු උපදෙස් මත එම සමාගම සමග පැවති සියලුම ගනුදෙනු නතර කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගන්නා ලදී.
එමෙන්ම එම සමාගම යටතේ සේවය කල කම්කරුවන් අතරින් අපේක්ෂිත සුදුසුකම් සහිත පිරිස් යලි සේවයට බඳවා ගැනීමට පියවර ගත් අතර ඔවුන් ස්ථිර සේවයට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු වහා සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
ඒ අනුව ඔවුන් මැයි මස සිට ස්ථිර සේවකයින් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ පිහිටුවීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

