කප්පම් ගත් නාවික නිලධාරීන්ට දඬුවම් ලබාදිය යුතුයි
නාවික හමුදාවේ නම විකුණා කප්පම් ගත්සියලු නිලධාරීන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(17දා) පැවසීය.
නමුත් කොමදෝරු ඩී.කේ.පී.දසනායක මහතාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සමග විවාද කිරීමට තමන් සූදානම් බවද පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ මහතා නාවික හමුදාවේ නිලය භාවිත කරමින් කොළඹ අහිංසක දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා බවට එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට තොරතුරු ලැබී තිබුණු බවත්,ඒ පිළිබඳ විමර්ශනය කරන ලෙස කරන්නාගොඩ මහතා පොලීසියට පැමිණිලි කර තිබුණු බවත් ගම්මන්පිල මහතා කීවේය.
මෙම කප්පම් ගැනීම් සිදුකළ සමයේදී කොමදෝරු දසනායක බුද්ධි අංශය භාරව නොසිටි බවත්,ඔහු එකල නාවික හමුදාවේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්යක්ෂ සහ කුඩා බෝට්ටු මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් කටයුතු කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යුදබිමේ විශිෂ්ට දස්කම් පෑ දක්ෂ රණවිරුවෙකු වුවද ඔහු වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවත්,ඔහු සම්බන්ධව සාධාරණ සැකයක් තිබෙන බවත් පැවසූ මන්ත්‍රීවරයා ඔහුගේ නිර්දෝෂීභාවය අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු බවත් කියා සිටියේය.
අතුරුදන් වූ අයගේ දෙමවුපියන් කොමදෝරු දසනායක හමුවූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අසත්‍ය කරුණු ප්‍රකාශ කර තිබෙන බවත්,කොමදෝරු දසනායක සම්බන්ධයෙන්පදනම් විරහිතචෝදනා නගා බෙදුම්වාදීන්ගේ මනදොළ සැපිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවත් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
