අයහපත් කාලගුණ තත්ත්වය ක්රමක්රමයෙන් අඩුවී ගියත් පසුගිය දිනවල ඇතිවූ අධික වැසි තත්ත්වය නිසා මාතලේ, මහනුවර, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්රික්කවල කඳුනායයෑම් සිදුවිය හැකි බවටජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද එම ආයතනයජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය දිනවල පැවැති අධික වර්ෂා තත්ත්වය නිසා මෙම දිස්ත්රික්කවල පිහිටි කඳු නායයෑමේ අවදානමක් ඇතිවී තිබෙන බවත්, මේ නිසා කඳු ආශ්රිත ජීවත් වන ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එම ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂක ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේය.