බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත සහතික නොකරන ලෙස කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව මහජන රාජ්‍ය සභාවේ සභා නායක පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.
මෙම පනත් කෙටුම්පත පසුගි (07දා) හදිසියේ සම්මත කළ ආකාරය පිළිබඳ මහා සමාජය තුළ බලවත් කුකුසක් සහ විරෝධයක් පැන නැගී තිබෙන බවත්,අදාළ පනත් කෙටුම්පත නියම ආකාරයෙන් සම්මත නොවූ බවට ප්‍රකාශයට පත්කොට පනතට කථානායකවරයාගේ අත්සන යෙදීමෙන් වැළකී සිටිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.
එම පනත සම්මත වූ දිනය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරු සහ ශෝක දිනයක් ලෙස සැලකෙනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආරක්ෂා කරන ආරක්ෂක හමුදා දුර්මුඛ කිරීම සහ දුර්වල කිරීම එම පනත මගින් සිදුවන බවත් පැවසූ එහිමියෝ ආණ්ඩුවක් විසින් රාජ්‍යට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ගයක වගඋත්තර කරුවෙකු ලෙස කථානායකවරයා කටයුතු නොකළ යුතු බවත් සඳහන් කළහ.