කථානායක කරු ජයසුරිය මහතාගේ කනිටු දියණියගේ අවසන් කටයුතු බ්‍රිතාන්‍ය කෙන්ට් බ්‍රෙන්ට්ලි සුසාන භූමියේදී අද(11) දින සිදුකිරීමට නියමිතය. සිය කණිටු දියණියගේ අවසන් කටයුතු සදහා සහභාගී වීම පිණිස කථානායක කරු ජයසූරිය මහතා ඊයේ(10දා) රාත්‍රියෙහි බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියේය. කරු ජයසුරිය මහතා දින දෙකකින් යළි දිවයිනට පැමිණෙනු ඇති බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.