ස්ථාවර නියෝග වෙනස් කරමින් පාර්ලිමේන්තුව තුළ නව සම්ප්රදායක් බිහිකිරීමට අවශ්‍ය නොවන බව කථානායක කරු ජයසූරිය මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ඉඩම් අමාත්‍යවරයාට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ අවස්ථාවේදී කථානායකවරයා මේබව කීවේය.
අදාළ අමාත්‍යවරයා නොමැති අවස්ථාවේදී යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිය හැකිවන්නේ අගමැතිවරයාට, සභානායකවරයාට හෝ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයාට පමණක් බවද කථානායකවරයා පැවසීය.