ගංවතුර බැසයාම අවහිර කරමින් කඩුවෙල, කොලොන්නාව, බියගම සහ ආශ්රිත නගර සභා බල ප්‍රදේශවල ඇළ මාර්ග ආශ්‍රිතව ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නාගරික සංවර්ධන අධිකාරියට සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට නියෝග නිකුත් කර ඇත. ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම අධිකාරීන් කි‍්‍රයාත්මක කෙරේ.
සුළු වර්ෂා තත්වයකදී වුවද ඇතැම් නගර ආශ්‍රිතව ගංවතුර ඇතිවීමේ අවධානමක් ඇතිව ඇත්තේ ඇල මාර්ග සහ ජලය බැසයෑමේ කාණු පද්ධති අවහිර කරමින් සිදු කර ඇති අනවසර ඉදිකිරීම් බව එම අධිකාරීන් පෙන්වා දෙයි.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්වයත් සමග ඇතිව ඇති ගංවතුර අවධානම ඉහළ යෑමේ ප්‍රවණතාවයක් මෙම අනවසර ඉදිකිරීම් හේතුවෙන් උද්ගත විය හැකි බව එම අංශ පෙන්වා දෙයි.
ඒ අනුව විධිමත්ව ජලය බැස යාමට බාධාවන් පමුණුවමින් කිසිඳු අවසරයකින් තොරව ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කෙරේ.