කඩුවෙල අධිකරණ භූමියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සමග බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසියේ සහාය ලබාගන්නා බව බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
අද (23දා) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිටදී නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීම නිසා අධිකරණයට රැගෙන යමින් සිටි සමයං නොහොත් දමිත් අරුණ උදය නමැති සැකකරු තුවාල ලැබූ අතර, ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබූ පුද්ගලයා ගිනිඅවිය අධිකරණ භූමිය වෙත රැගෙන විත් තිබෙන්නේ ගිනිඅවිය වෙලුම් පටි යොදා අතට තබා බැඳගෙන බවද වාර්තා වේ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
එච්.අයි. තුෂාර/ කඩුවෙල ආසිරි