පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ සීමා නිර්ණ වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බාරදෙන බවට සීමා නිර්ණ කොමිෂන් සභාව 07 වැනි වරට ලබාදුන් පොරොන්දුවත් මේ වනවිට කඩකර තිබේ.
මේ වසරේ මාර්තු 31 වැනිදා සිට අද (28දා) දක්වා කාලය තුළදී අදාළ වාර්තාව ලබාදෙන බවට අවස්ථා 07කදී පොරොන්දු විය. එහෙත් අද (28දා) දිනයේදී සීමා නිර්ණ වාර්තාව ලබාදීමට කොමිසම අපොහොසත් වී තිබේ. ඊයේ (27දා) දිනයේදී අදාළ වාර්තාව බාරදීමට නියමිතව තිබූ අතර, එලෙස ඊයේ දිනයේදී වාර්තාව බාරදීමට කටයුතු කරන ලැබුවානම් එය අද දිනයේදී ගැසට් කිරීමට නියමිතව තිබිණි.