මහා නගර සැලැස්ම යටතේ කඩවත නගරය ප්‍රධාන නගරයක් ලෙස සංවර්ධනය කරන බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.කඩවත නගයේ සිදුකරන සංවර්ධන කටයුතු නිරික්ෂණය සදහා එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.
නව රජයේ මහ නගර සංවර්ධන සැලැස්මට සමගාමීව කඩවත නගරය සංවර්ධනය කිරිමට නියමිතය. බස්නැවතුම්පොළ පුළුල් කිරිම, පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් ඉදිකිරිම, මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයක්, අංග සම්පූර්ණ නව රථගාලක් හා මහජන පුස්තකාලයක් කඩවත නගරයේදී ඉදිකිරීමට නියමිතය.