දකුණු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක හා චෙන්නායි අතර ගුවන් ගමන් තාවකාලිකව නැවැත්වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
අද (02දා) සිට ගුවන් ගමන් නැවැත්වූ බවත් ඒ අනුව හෙට දිනයේදි චෙන්නායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL121, UL127, UL123 හා UL125 යන අංක දරණ ගුවන් යානා චෙන්නායි බලා පියාසර නොකරනු ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
චෙන්නායි ගුවන්තොටුපොළ සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කිරීමෙන්පසුව නැවතත් කටුනායක - චෙන්නායි ගුවන් ගමන් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.