මිරිහාන ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වීමේ සිදුවීම පිටුපස හිටපු අගමැති හා ආරක්ෂක ලේකම් ඝාතනය සැලසුමක් පැවති බවට විමල් වීරවංශ මහතා වැරදි අර්ථකථන ලබාදෙමින් සිටින බව 'අපි රණවිරුවෝ' සංවිධානය බ්‍රිගේඩියර් සරත් ප්‍රනාන්දු මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (23දා) ඔමේගා ඉන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ බ්‍රිගේඩියර්වරයා,
"මෙවැනි අවස්ථාවක අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදෙමින් දේශපාලකයන් සිදුකරන්නෙ ජිනීවාවලට රුකුල් සැපයීමක්. මාධ්‍යවේදීන් අතුරුදන් වීම, සුදු වෑන් සංස්කෘතිය මේ සිදුවීම් හා ඈඳා ගැනීමට උත්සාහ කරනවා. විමල් වීරවංශ වැනි පුද්ගලයන් තමා ජිනීවාවලට රණවිරුවන් ගෙන යන්නේ. කටමැත දොඩවා රටට සේවය කළ රණවිරුවන්ට අසාධාරණයක් සිදුකරන්න එපා. හමුදා සාමාජිකයන්ට විනයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් ඒ විනයට අනුව කටයුතු කරනවා. අපි දැන් විශ්‍රාමික පිරිසක් ඒ නිසා ඕනෑම මොහොතක අප ඒ ගැන කටයුතු කරනවා." යැයි පැවසීය.