පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පවතින මොහොතක ජනමත විචාරණයකට නොගොස් හැකි උපරිමයෙන් බලය බෙදීමකට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා හාලිඇල මලිත්තව හයිලන්ඩ් වත්තේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේදීය.
කවුරු මොනවා කිව්වත් නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීමකට යායුතු බව පෙන්වාදෙන අමාත්‍යවරයා, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනුත් සම්පුර්ණයෙන් බලය බෙදීමක් කර නැති අතර මේ මොහොතේ 13+ ඉක්මවා වුවද බලය බෙදීමක් කළ හැකි බව සඳහන් කරයි.
ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවා ඇති අතර මෙවන් අවස්ථාවක් නැවත නොලැබෙන හෙයින් ඉන් ප්‍රයෝජනයක් ගතයුතු බවද අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියි.