1974 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට හිමිවූ කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගැනීම පහසු කටයුත්තක් නොවන බවත්, එය නැවත පවරාගැනීමට අවශ්‍යනම් යුද්ධයකට යායුතු බවත් ඉන්දීය නීතිපති මුකුල් රොහාට්ගි පවසයි.
කච්චතිව් දූපත නැවත පවරාගැනීම සඳහා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හා හිටපු මහ ඇමති එම්.කරුණානිධි ගොනුකළ පෙත්සම විභාගකිරීමට සතියකට කලින් නීතිපතිවරයා මෙම අදහස් දැක්වීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පවසා තිබේ.
නීතිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන විනිසුරු මඬුල්ල නියෝජනය කරන විනිසුරුවන් පවසා තබුණේ යුද්ධයක් නොව සාමය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කතාකරන බවයි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා/ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි