ජාතික ඖෂධ පනත ගෙන ඒම වැළැක්වීමට ඖෂධ සමාගම 400 කින් ලක්ෂ 25 බැගින් යම් පුද්ගලයෙකු ලබාගෙන තිබෙන බවට පොදු අපේක්ෂක වශයෙන් සිටියදී මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළිකළ බවත්, මේ නිසා වහාම එම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනම ඉල්ලා සිටී.
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී ජාතික ඖෂධ පනතක් රට තුළ ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල උත්සාහයක් ගත් බවට සඳහන් කර තිබෙන බවත්, මේ නිසා අද වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්ව සිටින නිසා කිසිදු බාධාවකින් තොරව එම කටයුතු සිදුකළ හැකි බවද එම සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
සෑම වසරකදීම සේම මේ වසර තුළදීත් ඖෂධ ගැටලු ඇති වන බවට මේ වනවිටත් පෙන්නුම් කරමින් තිබෙන බවත්, මේ නිසා මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් හඳුන්වාදී මුළු ලෝකයාම පිළිගෙන තිබෙන ජාතික ඖෂධ පනත වර්තමානයට ගැළපෙන සේ සකස් කර ක්‍රියාත්මක කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.