ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ‘සුරක්ෂා‘ නිවසේ රඳවා සිටින තම බිරිඳ ඉතා ඉක්මනින් ශ්රී ලංකාවට ගෙන්වාගැනීමටත්,එතෙක් ඇය ආරක්ෂා සහිතව වෙනත් තැනක රඳවා තබාගැනීමට පියවර ගන්නා ලෙසටත්, ඇයට සිදු වූ අසාධාරණයට එරෙහිව ඊට සම්බන්ධ පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් අම්පාර ප්රදේශයේ පුද්ගලයෙකු ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ (28දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස ඕමාන තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය භාරයේ ඇති ‘සුරක්ෂා’ නිවසේ තිදෙනෙකු නම් කොට ඇත.
දූෂණයට ලක්වූ බව කියන කාන්තාව ගැබ්ගෙන ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ශ්රී ලාංකික ගෘහ සේවාකාවන්ගේ ආරක්ෂාවට ඇති ‘සුරක්ෂා‘ නිවසේ නිලධාරීන් ඇයට පහර දී, තර්ජනය කර බලහත්කාරයෙන් එරට පෞද්ගලික රෝහලකදී ගබ්සාවකට ලක්කර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.