ඕමානයේ ශ්රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතාව හදිසියේ කොළඹට කැඳවීම නිසා එරට සිටින විසිපන්දහසක් පමණ වූ ශ්රී ලාංකික ජනතාව මහත් කැළඹීමට පත්ව ඇති බවත්, දෙරට අතර සිදුවිය යුතු රාජ්ය තාන්ත්රික කටයුතු සහ නිසි ගෞරවය ලබමින් තානාපතිවරයෙකුගේ නික්ම යාම අහිමි කරමින් ගන්නා ලද තීරණය වහාම අවලංගු කර ඔහුට ගෞරවයෙන් ඕමානයෙන් පිටවීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඕමාන් බෞද්ධ සංගමයේ සභාපතිවරයා වන තුසිත් ප්රසන්ත ගලප්පත්ති මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කර තිබේ.
එසේම ඔහු කළ අනගි සේවයට කිසිදු උපහාරයක් හෝ ඇගයීමක් කිරීමට ශ්රී ලංකා ප්රජාවට ඉඩ නොදී මෙසේ කැඳවා තිබීමෙන් මුළු මහත් ශ්රී ලාංකික නාමයට අගෞරවයක් සිදු වී ඇති බැවින් එම ක්රියාව දැඩි සේ හෙළාදකින බවත් සභාපතිවරයා පැවසීය.