සංහිඳියාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත්, එය රජයේ ප්‍රතිපත්තිය බවට පත්කර ගනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවත් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.
හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවේ ඊයේ (01දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දී ඒ සම්බන්ධව මහ ජනතාවගේ අදහස් විමසන බවත්, සියලු පිරිස් ඇතුළත් වන ස්ථාවර ප්රජාතන්ත්රවාදී රටක් ගොඩනැගීම තම බලාපොරොත්තුව බවත් ඇය අවධාරණය කළාය.
"ඕනෑම රටක අන්තවාදීන් ඉන්නවා. ප්රජාතන්ත්රවාදය කියන්නෙ බහුතරයේ කැමැත්ත. බහුතරයේ අවශ්‍යතාව. සුළුතරය කියන දේ ගැන හිත හිතා හිටියොත් රටක් ගෙනියන්න බෑ. හැබැයි සාධාරණ ඉල්ලීමක් තියෙනවා නම් ඒ සම්බන්ධව කටයුතු කළාට කමක් නැහැ" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියාය.