මෙරට හමුදා බළ ඇණි ඕනෑම දුෂ්කර අවස්ථාවක මෙහෙයුම් සඳහා හොඳ සූදානමකින් සිටින බවත්, විනය හා පුහුණුව අතින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉදිරියෙන් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශකළේය.
ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම සමුළුවට සහභාගිවිය. රටවල් 80ක නියෝජිතයන් සහභාගි වූ සාම සාධක මෙහෙයුම් පිළිබඳ සමුළුව සැප්. 07 දින සිට සැප්.11 දින දක්වා මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්විනි.
සාම සාධක මෙහෙයුම් සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමේදී පවතින දුෂ්කරතා පිළිබඳව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමුළුවේදී අදහස් දැක්වූ අතර, එම කටයුතු කඩිනම් කරලීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය. මෙම සමුළුවේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරලීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට හැකිවූ අතර, ඉදිරියේදී තවදුටත් මෙරට හමුදා බලඇණි වෙත සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගි වීමට වැඩි ඉඩප්රස්ථාවක් මෙමඟින් ලැබෙනු ඇති බව ආරක්ෂක අමාතයාංශය සඳහන්කළේය.