“ඕනනම් ගුවන් තොටුපළ වහලා හිටපු අගවිනිසුරුතුමිය නැවත පත් කරලා නඩු අහලා ඔක්කොම වැරදි කරපු අය හිරේ දාන්න තිබුණා.රජයක් ලෙස එහෙම කරන්න අපට අවශ්‍ය නැහැ .අපි එහෙම දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ.”
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩ සටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාඹුළුව, දකුණු පනාපිටිය ,ගබ්බෙල ග්‍රාම සේවක කොට්ඨාශවල ජනතාවට කෘෂි උපකරණ බෙදාදීමේ වැඩ සටහනකට එක්වෙමිනි.
“අපි අදවන විට හොරකම නාස්තිය දූෂණය වංචාව අඩු කරලා තිබෙනවා .ඒවාට දඩුවම් ලබාදීමට කටයුතු කර තිබෙනවා .මම කියන්නේ නැහැ සම්පුර්ණයෙන්ම නැති කරලා තිබෙනවා කියලා .ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්රධානියාත් අල්ලස් අර ගෙන අහුවුණා අපේ අගමැතිතුමා පත් කරපු මහ බැංකු අධිපතිතුමා වංචා කළා. ඒවාට දඩුවම් ලැබෙයි. අපි ගොඩාක් මහන්සි වෙලා විශේෂ අධිකරණ ගෙනාවේ දිනපතා නඩු අහලා. දුෂිතයින්ට දඩුවම් දෙන්නයි. සමහර වෙලාවට අපි එක්ක එකතු වෙලා මේ අධිකරණ හදපු අයටත් වැරදි කළොත් දඩුවම් ලැබෙයි.”