ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් 20000ක්
2016 වනවිට ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන යටතේ සුළු සහ මධ්‍ය පරිමාණ කිරි ගොවීන් නගා සිටුවීමේ අරමුණින් කිරි ගවයන් 20,000ක් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සේවා ගිවිසුමක් අත්සන් තැබූ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියයි.
කිරි ගොවියා ශක්තිමත් කිරීමට සහ පශු කර්මාන්තය නඟා සිටුවීමට ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන යටතේ උසස් තත්ත්වයේ කිරි එළදෙනුන් 2,000ක් ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වීම 2012දී අරඹන ලද අතර, මේ යටතේ අභිජනනයෙන් ලබාගත් කිරි ගවයන් 1,500ක් උඩරට සහ වියළි කලාපයේ කිරි ගොවීන් වෙත ලබාදුන් අතර එහි ඉමහත් සාර්ථකත්වය හේතුවෙන් මෙසේ තවත් කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීම සිදු කෙරේ.
මෙම සේවා ගිවිසුම සඳහා අත්සන් තැබීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ ඔස්ට්‍රේලියානු ආයතනයේ වෙළෙඳ අධ්‍යක්ෂක ස්කොට් බේරෙට්වෙට් මහතා අතර සිදුවූ අතර එම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මියද සහභාගි වූහ.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

