ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් Stabicraft වර්ගයේ මුර යාත්‍රා තුනක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.
මෙම යාත්‍රාවන්ට ඉතා වේගයෙන් ගමන් කළ හැකි බවත් එම යාත්‍රා ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතුවලට පිටුවහලක් සපයනු ඇති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යාලයක් පිහිටුවීමට සහ එහි පරිපාලන සහ විෂය නිර්දේශ සම්පාදනය කිරීමට වසර දෙකක කාලයක් සඳහා ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් මෙරටට එවීමට ඔස්ට්‍රේලියානු රජය සූදානමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් බැවින්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ජාවාරම් කේන්ද්‍රස්ථානයක් ලෙස භවිතා කිරීමට උත්සාහ දැරීම විශාල ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.