ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනී ජුලියා බිෂොප් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇය හෙට (19දා) සිට 21 දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.
සිය සංචාරයේදි ඇය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.