ඔස්ට්‍රේලියානු කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
හොංකොං හි අවන්හලකදී අශෝභන ලෙස හැසිරුණේ යැයි රජයේ නිලධාරියෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් හා පළාත් සංවර්ධන අමාත්‍ය ජෙමී බ්‍රිග්ස් මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති එක් අමාත්‍යවරයෙකි.
මීට අමතරව, විශේෂ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ මැල් බ්‍රෝ, තවත් දේශපාලඥයෙකුට පහත හෙලීමට සිදුකළ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවන අතරතුර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව, ඉදිරිපෙළ කැබිනට් අමාත්‍යධුර දෙක පිරවීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට ඔස්ට්‍රේලියානු රජයට සිදුව අති බව විදෙස් වාර්තා පවසයි.
මෙය වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල්ගේ ජයග්රහණයෙන් පසුව ඔහු මුහුණදෙන ප්‍රථම අභියෝගය ලෙසද විශ්ලේෂකයෝ හුවා දක්වති.