බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන්නන් රඳවා තැබෙන, එරටට අයත් ක්‍රිස්මස් දූපතේ සංක්‍රමණික කඳවුරක අද (09 දා) අලුයම් කාලයේ දරුණු මට්ටමේ නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
මෙම සංක්‍රමණික කඳවුරේ සිටි ඉරාන කුර්දි සංක්‍රමණිකයෙකු ඉන් පැනයාමට දැරූ උත්සාහයකදී ජීවිතක්ෂයට පත්වීම මේ කලහකාරී තත්ත්වය සඳහා ආසන්නම හේතුව වී තිබේ.
ආරක්ෂකයන්ගේ පහරදීම නිසා මොහු ජීවිතක්ෂයට පත්වූ බව පවසමින් මෙම කලහකාරී හැසිරීම ඇති වී ඇති අතර, කඳවුර සිටි සංක්‍රමණිකයන් ගිනි දල්වමින් උද්ඝෝෂණයක නිරත වී තිබේ.
ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ මෙම පිරිස් පාලනයට කඳුළු ගෑස් ප්‍රහාර පවා එල්ල කළ බවයි. නමුත්, ඔවුන්ගේ ප්රකෝපකාරී හැසිරීම් හේතුවෙන් ආරක්ෂකයන් පවා ඉවත් කළ බවද ඔවුන් කියයි. කෙසේ වෙතත් මින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
පර්ත් නුවර සිට කිලෝමීටර් 2,650 ක් පමණ දුරින් පිහිටි ක්‍රිස්මස් දූපත මැදපෙරදිග, අප්‍රිකානු සහ ආසියානු කලාපයේ සිට දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාව වෙත බෝට්ටු මගින් සංක්‍රමණය වන්නන් රඳවා තැබෙයි.