ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස මැල්කම් ටර්න්බුල් දිවුරුම් දීම අද (15දා) සිදුවිය.
ලිබරල් පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවති රහස් ඡන්ද විමසීමේදී හිටපු අගමැති ටෝනි ඇබොට් පරාජයට පත්වීමත් සමග ටර්න්බුල් නව අගමැතිවරයා ලෙස තේරී පත්විය.
ඇබොට් රජයේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටර්න්බුල්, අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සිය පළමු පාර්ලිමේන්තු සැසිය සඳහාද සහභාගි විය.
2013 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ සිව්වැනි අගමැතිවරයා ලෙස ටර්න්බුල් පත්ව සිටියි.
හිටපු අගමැති ටෝනි ඇබොට් පවසා සිටියේ සිය ඉවත්වීම දුෂ්කර අවස්ථාවක් වුවත්, නව රජය කිසිසේත්ම අවතක්සේරු නොකරන බවයි.