හම්බන්තොට, සිරිබෝපුර සුචි ගම්මානයේ ඊ 5 නිවසේ පදිංචි වයස අවුරුදු 7 ක් වයසැති ඒ.එම් රවිඳු ප්‍රසන්නජිත් දරුවා අපස්මාරය රෝගය වැලඳීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටී.
රවිඳු ඉපදී සති තුනක කාලයක් නිරෝගීව සිටියද ඉන් පසු මෙම අවසනාවන්ත රෝගයට ගොදුරු වී ඇති අතර මේ වන කිසිදු ආහාරයක් නොගෙන කිරි පමණක් පානය කරන ඔහුට ඒ සඳහා විශාල මුදලක් වැයවන බව දෙමාපියෝ පවසති.
කිරිවලට අමතරව බෙහෙත් සඳහාද විශාල මුදලක් වැයවන් වන නිසා ස්ථිර රැකියාවක් නොමැතිව කුලී වැඩ කරන රවිඳුගේ පියා මහත් අපහසුතාවට පත්ව සිටියි.
රවිඳුගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වන අතර 0772335382 දුරකථන අංකයෙන් රවිඳුගේ දෙමාපියන් සම්බන්ධ කර ගත හැකිය.
බැංකු ගිණුම් විස්තර
එච්.ඒ. ඇන්ජලීන් පෙරේරා
බැංකු අංකය 8300004749
කොමර්ෂල් බැංකුව, ඇඹිලිපිටිය
ජනක පී අපරැක්ක