ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා ලෙස දෙවරක් ධුර කාලය දැරූ බරැක් ඔබාමා අවසන් වරට ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයට අද සමුදුන්නේය.
නව ජනපති ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්රම්ප් වෙනුවෙන් ධවල මන්දිරයේ සිය බඩුබාහිරාදිය හිස් කළ ඔබාමා, ඇමෙරිකාවේ නව නායකයා වෙනුවෙන් කිසියම් සටහනක් තබමින් කාර්යාලය මේසය මත තබා ගිය බවද දැනගන්නට ලැබේ.
මේ වනවිට ට්රම්ප් දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් බරැක් ඔබාමා මෙන්ම, නව ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ද පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.