"මෙවර මා කුරුණෑගල ආදරණීය ජනතාව සමග එක්ව මුළු දේශයම ජයගෙන ඔබ පැතූ ශ්රී ලංකාව ගොඩනැගීමට මා සූදානම්" යැයි හිටපු ජනපති කුරුණෑගල දිස්ත්රික් සන්ධාන අපෙක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කුරුණෑගල දිස්ත්රික්කය සඳහා නාමයෝජනා ලබා දීමෙන් අනතුරුව කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේ පැවැති ආශීර්වාද පූජාවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"මා මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ දිනූ දේශයේ නැතිවීගෙන යන ජාතික සමගිය යළ ශක්තිමත් කිරීම හා දිනූ දේශය රැක ගැනීම සඳහා" යැයිද ඔහු පැවැසීය.