මෙම 8 මස වැනි බදාදාට යෙදෙන වප් පුර පසළොස්වක පොහොය දිනයේදී ලෝකවාසීනට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවීමට නියමිතය. එහෙත් මෙම පූර්ණ චන්ද්‍ර ග්‍රහණය අප රටේ පිහිටීම අනුව රාත්‍රී කාලයේදී නොව පස්වරු කාලයට යෙදී තිබීම නිසා එම විශේෂ තාරකා විද්‍යා සංසිද්ධියේ අග කොටස පමණක් සුළු වේලාවක් මෙරට ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. අප රටට එසේ වුවද, උතුරු සහ දකුණු ඇමෙරිකානු රටවලටත්, එමෙන්ම නැගෙනහිර ආසියානු රටවල් ලෙසට සැලකෙන ජපානය, කොරියාව, චීනය ප්‍රධාන රටවල් රැසකටත් සහ ඔස්ට්‍රේලියාවත්, මෙම පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ඉතා හොඳින් බලා ගැනීමට ලැබෙනු ඇත.මෙවර චන්ද්‍ර ග්‍රහණයක් සිදුකරන චන්ද්‍රයා රාත්‍රී කාලයේදී සම්පූර්ණයෙන්ම පාහේ ආලෝකවත් වී බැබළෙමින් පවතින අයුරු අපහට දක්නට ලැබෙන අතර මෙම පූර්ණ චන්ද්‍රයා පැරණි රතු ඉන්දියානුවන් විසින් 'ගන්ටීරස් මූන්' හෙවත් 'දඩයක්කාර සඳ' ලෙසටත්,එමෙන්ම පැරණි යුරෝපීයන් විසින් 'ට්‍රැවල් මූන්' සහ 'බ්ලඩ් මූන්' යනුවෙන්ද හඳුන්වනු ලැබීය.