පාළාත් පාලන මැතවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියයි. සතිපතා අද පුවත්පතට ඔහු විසින් සම්පාදනය කරන කුරහන් සුවඳ තීරු ලිපි මාලාවේ මේ බව සඳහන් වෙයි.
'ආණ්ඩුව සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පවත්වන බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අපට නම්, මැතිවරණයක් පැවැත්වෙයිද යන්න පිළිබඳ තවමත් සැකයක් තිබේ. ආණ්ඩුව මේ වනවිට මැතිවරණයකට යෑම සතුටුදායක නොවන හෙයින් තෙවැනි පාර්ශ්වයක් ලවා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමෙන් හෝ එය කල්දමා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරයි යැයි සිතිය නොහැකිය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමට සාකච්ඡා පවත්වමින් තිබේ. මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ටද එක්වීමට අවස්ථාව තිබේ.'