තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරයෙකු වන චන්න සාලිය මහතා ධීවරයන් පිරිසක්ද සමග ධීවර ආම්පන්න අතැතිව අද (22දා) සභාවට පැමිණේද්දී එජාප මන්ත්‍රී අශෝක ධනවංස මහතා පුන්නක්කු පැකට්ටුවක් ලබාදී ඔහු පිළිගත්තේය.
මේ අවස්ථාවේ එජාප මන්ත්‍රීවරුන් චන්න සාලිය මහතාට විරෝධය දැක්වීමත් සමග තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය.
මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ මහතා කියා සිටියේ පන්දම් මන්ත්‍රීවරු පන්දම් රැගෙන සභාවට පැමිණීමෙන් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැති බවය.
පසුගිය රජය කාලයේ තෙල් මිල මීට වඩා වැඩිවී තිබූ බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, මෙවැනි ක්‍රියා මගින් ජනතාව රැවටිය නොහැකි බවද පවසා සිටියේය.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්