පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ අසාර්ථක කළුකොඩි විරෝධයට ඒකාබද්ධ විපක්ෂයේ සහයොගයක් නොලැබී තිබීමෙන් එම කණ්ඩායමේ එකමුතුවක් නැතැයි රටට පෙන්නුම් කළ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
පසුගිය වසරේ ආණ්ඩුව කටයුතු කළ ආකාරය අනුව කළුකොඩි එසවීමට තරම් ජනතාවට අවශ්‍යතාවක් නැති බවත්, සෑම අංශයකින්ම ජනතාවට සහන ලබාදී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
රජයේ ප්‍රවාත්ති දෙපාර්තුමේන්තුවේ අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ උදය ගම්මන්පිල මහතාගේ කළුකොඩියට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සුදුකොඩි දමා ඇති බවයි.