ඒකාබද්ධ විපක්ෂයෙන් ජාතික සමුළුවක්
ජිනීවා යෝජනාවට එකඟවීම තුළින් ආණ්ඩුව, රට බරපතළ අවදානම්කාරී තත්ත්වයකට ඇද දැමීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික සමුළුවක් ලබන 19 දා කොළඹදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබේ. අද (09දා) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් කුමාර වෙල්ගම සහ ඩලස් අලහප්පෙරුම, මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ජයන්ත සමරවීර, ප්රජාත්නත්රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් එහි නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ඞීව් ගුණසේකර හා සභාපති රාජා කොල්ලූරේ යන මහත්වරු ද මහජන පක්ෂයේ සහ ප්රගතිශීලි පෙරමුණේ නියෝජිතයෝද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

