මාර්ග බලපත්‍ර ටෙන්ඩර් දැමීම නවතා දමා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ඇතිකළහොත් සාමාන්‍ය බස්ගාස්තු 10%කින් අඩුකිරීමට තීරණය කර තිබෙන බව බස් සංගම් එකමුතුව සඳහන් කරයි.
මීට අමතරව ගාල්ල, කොළඹ, මාතර, කොළඹ අධිවේගී මාර්ගවල බස්ගාස්තුව රුපියල් 120- 200ත් අතර ප්‍රමාණයකින් අඩුකරන බවද එම එකමුතුවේ සාමාජික සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය.
වාර්ෂිකව රුපියල් 3000ක් පැවති මාර්ග බලපත්‍ර ගාස්තුව ටෙන්ඩර ක්‍රමවේදය හරහා ලක්ෂ ගණනක් දක්වා ගොස් තිබෙන බවද, මේ නිසා එම බර ජනතාව මත පැටවීමට සිදුව තිබෙන බවද අද (07දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය නොමැති වීම නිසා බස් අතර ධාවන තරගයක් ඇතිවී තිබෙන බවත්, මේ නිසා සිදුවන අනතුරුවලින් ජනතාවට වන්දි ගෙවීමට සිදුව තිබෙන බවද පවසා සිටියේය.
ඊයේ (06දා) සිදු වූ බස් රථ අනතුරු ඇතුළු සියලුම අනතුරුවලට ජාතික ගමනාගමන කොමිෂන් සභාව භාරගතයුතු බවද කියා සිටියේය.