දේශීය එළිච්චියන්ගෙන් අඩු කිරි ප්‍රමාණයක් ලැබෙන බැවින් විදේශීය රටවලින් එළිච්චියන් ආනයනයකොට එළුකිරි නිෂ්පාදන කටයුතු වඩා විධිමත්ව සිදුකරගෙන යන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.දේශීය එළිච්චියකගෙන් සාමාන්‍යයෙන් කිරි ලීටරයක් පමණක් ලබාගත හැකි වුවද විදේශීය සතෙකුගෙන් කිරි ලීටර් 3ක් පමණ එකවර ලබාගත හැකි බවද ඇමතිවරයා පැවසීය.
මේ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති ගොවිපළවල් හතරක විදේශීය එළුවන් ඇතිකරගෙන යන බව ඒ මහතා සඳහන් කළේය.එළුකිරි කර්මාන්තය දියුණු කිරීම සදහා සියයට 50ක ණය අධාර යටතේ ගොවීන්ට උපරකරණ ලබාදීම, ව්‍යාපෘති හා පුහුණු කටයුතු ක්‍රියාත්මක කිරීම, වසංගත රෝග මැඬපැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු කිරීම, නොමිලේ පශු වෛද්‍ය සේවා ලබාදීම ආදිය සිදුකරන බව හෙතෙම කීවේය.
එළු ගහණය වැඩිකිරීම සඳහා සියයට 50ක සහනාධාරය යටතේ අභිජනන ගොවිපළවල් පිහිටුවීම, සියයට 50ක සහනාධාර යටතේ ප්රතිලාභියෙකු වෙත එළිච්චියන් හතර දෙනෙකු සහ පට්ටි එළුවෙකු ලබාදීම, උසස් ආකාරයේ පට්ටි එළුවන් සියයට 50ක සහනාධාරය යටතේ ලබාදීම, එම අභිජනන කටයුතු සඳහා අවශ්‍ය කෘත්‍රිම සිංචන පහසුකම් ලබාදීම ආදිය සිදුකරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ එළු කිරි පරිභෝජනයට වඩා එළු මස් පරිභෝජනයට ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ගොවීන්ගේ වැඩි අවධානය යොමුව ඇත්තේ එළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි බවද පී. හැරිසන් මහතා පවසා සිටියේය.එළුකිරිවලට වඩා මස්වලට ඉහළ මිලක් ලැබෙන බව කී ඇමතිවරයා අද වන විට එළුමස් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 1800-2000 අතර මිලක් ලැබෙන බැවින් එළුකිරි ලීටරයක් අලෙවිකොට ජීවත් වීමට ගොවීන් උත්සාහ නොගන්නා බවද ඇමතිවරයා සදහන් කළේය.
පසුගිය වසර අවසන් වන විට ගොවිපළවල් 58,399ක එළුවන් 358,233 සිටි බව කී ඇමතිවරයා එම සතුන්ගෙන් කිරි ලීටර් ලක්ෂයක් නිෂ්පාදනය කර තිබෙන බවද පවසා සිටියේය.