එළවළු තොග මිළ ගණන් ජංගම දුරකතනයෙන්
කෘෂිකාර්මයේ නියැලි ගොවීන් සහ වෙළෙඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ලබාදීමේ වැඩපිළිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ආරම්භ කොට ඇත.
පිටකොටුව තොග වෙළෙඳපොළ සහ දඹුල්ල, කටුගස්තොට, තඹුත්තේගම, නොරොච්චෝලේ, නුවරඑළිය, කැප්පෙටිපොළ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානවල පවතින එළවළු වර්ග 23ක තොග මිල ගණන් පිළිබඳ තොරතුරු ගොවීන්ට, වෙළෙඳුන්ට හා පාරිභෝගිකයන්ට මේ අනුව ලබාගත හැක.
මේ අනුව මොබිටෙල් ජංගම දුරකතන ජාලයකින් කෙටි දුරකතන අංක 6666 ඇමතීමෙන් දවසේ පැය 24 පුරාම වෙළෙඳපොලේ එළවළු අලෙවි කෙරෙන තොග මිල ගණන් ලබාගත හැකි අතර ලබාදෙන මිල ගනන් පැය 24 කාලයකින් යාවත්කාලීන කෙරේ.
ඉදිරියේ දී මෙම එළවළු තොග මිලගණන් අනෙකුත් දුරකතන මාර්ගයෙන් ද ලබාදීමට සැලසුම් කොට තිබේ. එසේම උතුරු නැඟෙනහිර හා දකුණු පළාතේ මෙන් ම බණ්ඩාරවෙල, වේයන්ගොඩ,වැලිසර තොග අලෙවි මධ්‍යස්ථානවල පළතුරු, එළවළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ද මේ හරහා ලබාදීමට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කටයුතු කරගෙන යයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

