පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා රට අභ්‍යන්තර ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 70%කින් අඩු වී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසීය.
ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවීමත් සමග එළවළු තොග මිලද විශාල වශයෙන් ඉහළගොස් ඇතැයි හෙතෙම පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ සිල්ලර එළවළු අලෙවි සැල්වල අමුමිරිස් කිලෝවක් රුපියල් 1000කටද, තක්කාලි කිලෝවක් රුපියල් 500කටද අලෙවි වීම විශේෂත්වයකි.
අවම මිලකට අලෙවිවන්නේ කැකිරි පමණි. කැකිරි කිලෝවක තොග මිල රුපියල් 50 කි. සිල්ලර මිල රුපියල් 100 කි. අද (29දා) දඹුල්ල තොග වෙළෙඳ පොළේ සහ සිල්ලර වෙළෙඳ පොළේ එළවළු වර්ග කිහිපයක කිලෝවක තොග මිල මෙසේය.
වර්ගය කිලෝවක තොග මිල කිලෝවක සි/මිල
ගෝවා 70-100 150-200
බෝංචි 180-220 320-350
ලීක්ස් 180-210 300-350
කැරට් 180-210 320-380
බීට්රූට් 160-200 250-300
තක්කාලි 170-200 300-380
මාළුමිරිස් 280-320 600-700
නෝකෝල් 90-120 150-200
වැටකොලු 120-150 230-280
පතෝල 90-120 150-200
කරවිල 90-150 230-280
වට්ටක්කා 30-40 700-1000
වම්බටු 200-250 300-350
දඹල 120-160 230-250
එළබටු 160-180 250-300
මෑකරල් 160-210 300-380
අමුමිරිස් 350-500 700-1000
ඉදිරියටත් වර්ෂාව ලැබුණහොත් මේ තත්ත්වය වඩා වෙනස් විය හැකි බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.