එළඹෙන සතියේ සියලුම පාසල් ඩෙංගු මර්ධනයට යොමුවෙයි
සීඝ්රයෙන් ව්‍යාප්තව යන ඩෙංගු රෝගය මර්ධනය කිරීමේ අරමුණින් එළඹෙන සතියේ සිකුරාදා (28), සෙනසුරාදා (29) සහ ඉරිදා (30) යන තෙදින පුරා දිවයිනේ සියලුම පාසල්වල ඩෙංගු මර්ධන පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (21දා) සඳහන් කර සිටියේය.
ඒ අනුව සිකුරාදා දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු නොපවත්වන ලෙසත්, ඒ වෙනුවට එදින දරුවන්, දෙමව්පියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් සහ අසල්වාසීන් ඇතුලු පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් පාසල හා අවට පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා කටයුතු සිදු කිරීමට නියමිතය.
සිකුරාදා දිනයේ පාසල් පැමිණෙන විට පාසල් නිල ඇඳුම හෝ ඒ වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ විනීත ඇඳුමකින් දරුවන්ට පාසල වෙත පැමිණිමට අවසර ලබාදීමට ද තීරණය වී තිබෙනවා.
මීට අමතරව සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී ද සියලු දෙනාගේ දායකත්වය සහිතව මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් සිදු කෙරෙන දුමායන කටයුතු සහ අනෙකුත් මදුරු මර්දන සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ සෙසු අංශ සම්බන්ධීකරණය කිරීමේ කටයුතු විදුහල්පතිවරුන් හරහා සිදු කිරීමට ද තීරණය වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එළඹෙන සිකුරාදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම තෙදින ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන පිළිබඳ වන චක්‍රලේඛය ඉදිරි දිනයේ දී නිකුත් කිරීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

