ජංගම මුර සේවයේ යෙදුන පොලිස් ජීප් රථයක් දැක වේගයෙන් පලා ගිය එළ හරක් ප්රවාහනය කළ ලොරියක් මාතලේ දඹුල්ල ප්රධාන මාර්ගයේ නාලන්ද ගෙඩිගේ පාර හන්දියේදී අද (27දා) අලුයම 5.00ට පමණ බෝක්කුවක හැපී පෙරළී තිබියදී අත්අඩංගුවට ගන්නා ලදැයි නාවුල පොලීසිය පවසයි.
මේ අවස්ථාවේදී ලොරි රියදුරු හෝ වෙනත් කිසිවෙකු එහි නොසිටි බව පොලීසිය පවසයි. එළ ගවයින් 20 දෙනෙකු එහි සිටි බවත්, එම ගවයින් හිංසා, පීඩාකාරී තත්ත්වයෙන් සිටි බවත් පොලීසිය පවසයි.
මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න