ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ එයා ඒෂියා ගුවන් සේවයට අයත් QZ8501 ගුවන්යානය පිළිබඳව තවමත් තොරතුරක් නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අතුරුදන්වූ යානාව සොයා මේ වන විට ජාවා මුහුද ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම්වල නිරතවී සිටියි.
ගුවන් යානය අතුරුදන්වන විට එහි මගීන් 155ක් හා ගුවන් නියමුවන් දෙදෙනෙක් අතුළු කාර්ය මණ්ඩලයේ හත් දෙනෙකු ගමන් කර තිබේ.
ඉන්දුනීසියාවේ සුරබායා සිට ගමන් ගත් ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.00 ට පමණ සිංගප්පූරුවට පැමිණිමට නියමිතව තිබුණි.
ගුවන්යානය අතුරදන් වීමට මත්තෙන් අධික වලාකුළු සහිත තත්ත්වය හේතුවෙන් ගුවන්යානය මීටර් 11000ක් ඉහළට එසවීමට ගුවන් නියමුවා ගුවන් පාලක මැදිරියෙන් විමසා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.