පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ වන තාරකා පෙරේරා මාර්තු 27 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය අද නියම කළේය.
කඩුවෙල -කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ ධාවනය කරමින් සිටි බස් රථ රියදුරෙකුට බත්තරමුල්ල කොස්වත්ත හන්දියේදී පසුගිය 09දා පහරදීමේ සිද්ධියක් සම්බන්යෙන් සැකපිට මොවුන් පොලිස් අත්අඩංගුවට පත් කරන ලදී.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව ගිනි අවියක්ද තිබී ඇත.