එදා ඩුබායි ටකරං මඩුවල රස්නය නිසා ගුවන් යානයෙන් බැස්සේ නෑ
අතීතයේදී ඩුබායි ගුවන්තොටුපළ තුළ තිබුණේ ගොඩනැගිලි කිහිපයක් හා ටකරං මඩු දෙක තුනක් බවත්, ටකරං මඩුවල රස්නය නිසා ගුවන් යානයෙන් පිටතට නොපැමිණි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (15දා) කෑගල්ල, දමුණුපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවකට එක්වෙමිනි.
“අප 1977 දී සංවර්ධනය ආරම්භ කරන විට එවැනි ක්‍රමයක් චීනයේ තිබුණේ නැහැ. මම 1979 දී මම චීනයට යන විට එහි තත්ත්වය මට හොඳින් මතකයි. වාහන බයිසිකල් ආදිය එදා එහි තිබුණේ නැහැ. නමුත් අද අපි චීනයට ගියොත් ඔවුන්ගේ මහාමාර්ග වාහනවලින් පිරී තිබෙනවා. ඔවුන්ගේ නගර බටහිර රටවල නගර මෙන් දියුණු වී තිබෙනවා.
අපි ඒ කාලයේ ඩුබායි ගුවන්තොටුපළට යන විට එහි තිබුණේ ගොඩනැගිලි කිහිපයක් සහ ටකරං ගැසු මඩු දෙක තුනක් පමණයි. ටකරං ගැසු මඩුවට ගිය විට රස්නය වැඩි නිසා අපි ගුවන් යානයෙන් නොබැස එහිම රැඳී සිටියා. එදා එම නගරවල තත්ත්වය එසේයි. අද එම නගරවල විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා. අපි කුඩා කාලයේ සිංගප්පුරු ජාතිකයන් මෙහි පැමිණ කොළඹ වරායේ වැඩකළා. නමුත් අද ශ්‍රී ලංකාවේ මිනිසුන් සිංගප්පූරුවේ වරායන්වල රැකියා කරනවා. එදා සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා මැලේසියාවේ, සිංගප්පුරුවේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණියා. නමුත් අද අපි සිංගප්පූරුවට ගොස් සෞඛ්‍ය පහසුකම් ලබාගන්නවා” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


