මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කරනවා මිස කිසිදාක එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක මහතා අද ( 14දා) පෙරවරුවේ මාවනැල්ල සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්නට නොදී ආරක්ෂා කර කටයුතු කරන බවත්, කිසි දිනක පක්ෂය හැර යාමේ අදහසක් නැති බවත් හෙතෙම කීවේය. මෛත්‍රීපාල සිරිසේන රජයේ ප්රගතිශීලී කටයුතු වලට පූර්ණ සහයෝගය දෙන බව සඳහන් කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසුවේ තම සහයෝගය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මිස රජයට නොවන බවයි.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර