එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව විශාල බලවේගයක් ගොඩනැගීමට කටයුතු කරන බවත්, ඒ සඳහා විපක්ෂයේ සියලු මන්ත්රීවරුන් සමග එක්වන බවත් ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
පෞද්ගලික ප්රකාශයක් සිදුකරමින් එස්.බී. දිසානායක මහතා මේබව පවසා සිටියේය.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවීම හේතුවෙන් තමන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ මන්ත්රීවරුන් 16 දෙනෙකු විපක්ෂයට පැමිණි බවත්, ඒ හේතුවෙන් අගමැතිවරයාට ආණ්ඩුව කරගෙන යෑමට ඉඩදිය යුතු බව තම කණ්ඩායමේ ස්ථාවරය බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම ආණ්ඩුවේ යහපත් කරුණු සඳහා සහයෝගය ලබාදීමට තම කණ්ඩායම කටයුතු කරන බවද එස්.බී. දිසානායක මහතා ප්රකාශ කළේය.