එජාපයට ජනතා සුබසාදනයවත් හරියට ගෙනියන්නට නොහැකි යැයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර යාපා මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් දැක්වුයේ පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ පැවති මැතිවරණ ජන හමුවක් අමතමිනි.
“දැන් රටේ ජීවන වියදම වැඩිවෙලා. ජනාධිපතිවරණයේ දී මාධ්‍ය සංදර්ශන පෙන්නනවා කියා කෑගැස අය දැන් මාධ්‍ය ඉස්සරහා විජ්ජාකාරයින් වෙලා. කොපමණ මුදලක් වියදම් කරනවාද කියා හිතන්න බැහැ. කාගෙද මේ මුදල්, කොහොමද මේ තරම් මුදලක් වියදම් කරන්නේ. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් තරගෙට දැන්වීම් පළකරනවා මේගොලලන්ට ඉදිරි දැක්මක් නෑ. යනුවෙන් හෙතෙම පැවසීය.