එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (04දා) පැවැත්වේ. 2017 වසරේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලෙස පැවැත්වෙන මෙම රැස්වීමේදී මේ වසර තුළ පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. මීට අමතරව ඉදිරිපළාත් පාලන මැතිවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.